Friday, April 19, 2024

General line - 0115112241

පළමු එක්දින තරගයේදී කැන්ගරුවන්ගෙන් ඉන්දියාවට අභියෝගයක්

කසුන් කැලුම්




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර පළමු එක්දින කි‍්‍රකට් තරගය සිඞ්නි කී‍්‍රඩාංගනයේදී දැන් පැවැත්වෙනවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුළු 05ක් දැවී ලකුණු 288ක් රැස් කිරීමට සමත්වුණා.

එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවන්ට සාර්ථකවීමට ඔස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. පළමු පන්දුවාරයේදීම ශිකර් දවාන් ලකුණු නොලබා දැවී ගියා. ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුළු 03 බිඳ වැටුනේ ලකුණු 04ක් තුළයි. නායක විරාත් කෝලි රැස් කළේ ලකුණු 03ක් පමණයි.

මේ වන විට ඉන්දියාව තරගය ජය ගැනීම සඳහා තවත් පන්දු 20 කදී ලකුණු 63ක් ලබා ගත යුතු වනවා. කඩා වැටුනු ඉන්දිය ඉණිම ගොඩනගමින් රෝහිත් ෂර්මා (133) සහ මහේන්ද්‍ර සිං දෝනි (51) පිත්තෙන් සිය දායකත්වය දැක්වුවා.