Wednesday, April 24, 2024

General line - 0115112241

පාතාල කල්ලි සාමාජික රත්මලානේ අංජුගේ ගෝලයෙකු පිළියන්දලදී ඝාතනය කෙරේ

සම්පත් කුමාර




පාතාල කල්ලි සාමාජික රත්මලානේ අංජුගේ ගෝලයෙකු පිළියන්දල සුවාරපොළ වීරඋදිත මාවතේදී ඝාතනය කර තිබෙනවා. රත්මලානේ පදිංචි 25 හැවිරිදි සුමුදු සෙනෙවිරත්න යන අයෙකු මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඔහුගේ යතුරුපැදිය සහ ජංගම දුරකතනය ද ඒ අසල තිබී සොයා ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපාර්ශවයක් අතර හටගත් ආරවුලක් මෙම ඝාතනයට හේතු වන්නට ඇති බවයි සැකකෙරෙන්නේ.

රත්මලානේ අංජු නමැත්තා මේවනවිට විදෙස්ගතව සිටින බවට ද අනාවරණ වී අනාවරණ වී තිබෙනවා. ඔහු කි‍්‍රකට් කී‍්‍රඩක ධනංජය ද සිල්වාගේ  පියාගේ ඝාතනයට ද සම්බන්ධ බවටයි සැක පළව ඇත්තේ.