Friday, April 19, 2024

General line - 0115112241

බීමත් රියදුරෙකු නිසා පිළියන්දලදී වාහන 04ක් ගැටේ

කසුන් කැලුම්




බීමත් රියදුරෙකු පැදවූ ජීප් රථයක් තවත් වාහන 04ක ගැටීමෙන් පිළියන්දල මඩපාත මාර්ගයේ බටකැත්තර ප‍්‍රදේශයේදී අද අනතුරක් සිදුවුණා. එම ජීප් රථය තී‍්‍රරෝද රථයක සහ යතුරු පැදියක් ඇතුලූ වාහන 04ක ගැටී ඇති බවයි පොලීසිය පැවසුවේ.

ජීප් රථය යතුරු පැදියේ ගැටීමෙන් අනතුරුව එම යතුරු පැදිය ජීප් රථය සමග මීටර් 200ක් පමණ ඇදී ගොස් තිබෙනවා. බීමත්ව සිටි ජීප් රථයේ රියදුරු ද තුවාල ලබා ඇති අතර ඔහු මේවනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අනතුරත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද හටගත් බවයි නෙත්  නිවුස් වාර්තාකරු පැවසුවේ.