Friday, April 26, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාව ක්‍රිකට් පිටියේ තැබූ වාර්තාව මෙන්න

කසුන් කැලුම්




ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ සිය, දහස් වැනි කි‍්‍රකට් ජයග‍්‍රහණය වාර්තා කිරීමට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම අද (12) සමත්වුණා. ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සමග සිඞ්නි හි පැවැති පළමු එක්දින කි‍්‍රකට් තරගය ලකුණු 34කින් ජය ගනිමින්. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුළු 05ක් දැවී ලකුණු 288ක් රැස් කළා.
 
එම ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 50දී කඩුළු 09ක් දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 254ක් පමණයි. ඉන්දීය ඉනිමේ මුල් කඩුළු 03 ලකුණු 04ක් තුළ බිඳ වැටීම විශේෂත්වයක්. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රෝහිත් ශර්මා ලකුණු 133ක් රැස් කළා. මහේන්ද්‍ර සිං දෝණි ලකුණු 51යි. මහේන්ද්‍ර සිං දෝණි අද දිනයේ එක්දින ලකුණු දස දහසේ සීමාව පසු කිරීම ද විශේෂත්වයක්. ඔහු වාර්තාපොත් අතරට එක්වූයේ එක්දින ලකුණු දසදහස පසු කළ පස්වන ඉන්දීය පිතිකරුවා ලෙසයි. 
 
මෙම ජයග‍්‍රහණයත් සමග ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම තරග 03කින් සමන්විත මෙම තරගාවලියේ 1 ට 0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්වුණා. ඉන්දීය - ඔස්ටේ‍්‍රලියා දෙවන එක්දින කි‍්‍රකට් තරගය ලබන 15වනදා ඇඩිලේඞ්හිදී පැවැත්වීමට නියමිතයි.