Friday, March 29, 2024

General line - 0115112241

පාතාල නායක "ඌරුජුවා" වෙනම සිර මැදිරියකට මාරු කරයි

චාමිකර බණ්ඩාර




මාබුලගේ දිනිති මෙලත් මාබුල නොහොත් ඌරුජුවා නමැත්තා මැගසින් බන්ධනාගාරයේ වෙනම සිරමැදිරියක රැඳවීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබෙනවා. මොහු සහ ඉඳුනිල් වජිර කුමාර නොහොත් ඉන්දා නමැත්තා රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී ජංගම දුරකතන ඔස්සේ හංවැල්ල සහ ඒ අවට ප‍්‍රදේශ රැුසක ව්‍යපාරිකයින්ගෙන් කප්පම් ලබා ගන්නා බවට නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනින් ඉකුත් දා අනාවරණයක් සිදු කළා. 

ඒ අනුව ඔවුන් සතුව තිබී ජංගම දුරකතන 02ක් සොයා ගැනීමට ද බන්ධනාගාර පොලීසිය සමත්වුණා. නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනින් කෙරුණු මෙම අනාවරණයත් සමග ඌරුජුවා නමැත්තා වෙනම සිරමැදිරියක රඳවා ඔහු පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමටයි බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන ඇත්තේ. මෙම සැකකරුවන් දෙදෙනා නම ගිය අපරාධකරුවෙකු වන සමයං නමැත්තාගේ ගෝලයින් දෙදෙනෙකු ද වනවා.