Thursday, April 25, 2024

General line - 0115112241

විමල් වෙනුවෙන් මුදල් එකතු කිරීමට යන සංඝයාවහන්සේලාට එජාපයෙන් ප්‍රශ්නයක්

රවීන්ද්‍ර ලියනගේ




පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ වෙනුවෙන් මුදල් එක්රැස් කිරීමට සූදානම් වන මහා සංඝරත්නය, රක්ෂිත බන්ධනාගාරගතව සිටින බොදුසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් නොවුණේ මන්දැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේපාල හෙට්ටිආරච්චි ප‍්‍රශ්ණ කරනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට රුපියල් කෝටියක වන්දියක් ගෙවන ලෙසට පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශට කොළඹ වාණිජ මහාධිකරණය අධිකරණය ඊයේ නියෝග කළා. ඒ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේපාල හෙට්ටිආරච්චි මේ බව සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ ගාල්ල ප‍්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින්.