Tuesday, March 26, 2019
Hotline - 0770586666

වව්නියාවේ සිනමා ශාලාවක් අසල ගුටි කෙලියක්

මාධව කුලසූරිය

848Views

වව්නියාව ප‍්‍රදේශයේ සිනමා ශාලාවක දමිළ චිත‍්‍රපටයක් නැරඹීමට පැමිණී දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. දකුණු ඉන්දීය සිනමා නළු අජිත් කුමාර රගන ‘‘විශ්වාසගම්’’ නමැති චිත‍්‍රපටයේ පළමු ප‍්‍රදර්ශනය පැවැති අවස්ථාවේ ප‍්‍රවේශපත‍්‍ර ලබා ගැනීමේදී දෙපාර්ශවය අතර ගැටුම හටගත් බවයි පොලීසිය පැවසුවේ.

ප‍්‍රවේශපත‍්‍ර ලබා ගැනීමට පැමිණි දෙපාර්ශවය අතර සිදුවූ බහින්බස් වීමක් ගැටුමට මුල් වී තිබෙනවා. ඒ වනවිටත් එම සිනමා ශාලාව අසල පේ‍්‍රක්ෂකයින් රැසක් සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ප‍්‍රවේශපත‍්‍ර ලබා ගැනීමට පැමිණී දෙපාර්ශවය අතර ඇතිවූ මෙම ගැටුම සහිත වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.