Tuesday, April 16, 2024

General line - 0115112241

අජිත් ගේ "විශ්වාසම්" නිසා ගිනියම් වූ වව්නියාව (PHOTOS/VIDEO)

මාධව කුලසූරිය / රොමේෂ් මධුශංක




වව්නියාව ප‍්‍රදේශයේ සිනමා ශාලාවක දමිළ චිත‍්‍රපටයක් නැරඹීමට පැමිණී දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. දකුණු ඉන්දීය සිනමා නළු අජිත් කුමාර රගන ‘‘විශ්වාසම්’’ නමැති චිත‍්‍රපටයේ පළමු ප‍්‍රදර්ශනය පැවැති අවස්ථාවේ ප‍්‍රවේශපත‍්‍ර ලබා ගැනීමේදී දෙපාර්ශවය අතර ගැටුම හටගත් බවයි පොලීසිය පැවසුවේ.

ප‍්‍රවේශපත‍්‍ර ලබා ගැනීමට පැමිණි දෙපාර්ශවය අතර සිදුවූ බහින්බස් වීමක් ගැටුමට මුල් වී තිබෙනවා. ඒ වනවිටත් එම සිනමා ශාලාව අසල පේ‍්‍රක්ෂකයින් රැසක් සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ප‍්‍රවේශපත‍්‍ර ලබා ගැනීමට පැමිණී දෙපාර්ශවය අතර ඇතිවූ මෙම ගැටුම සහිත වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.