Tuesday, March 19, 2024

General line - 0115112241

දෙවැනි අම්මාගේ ඡන්ම දිනයේදී සංවේදී වූ සහෝදරකම (PHOTOS)




කොළඹ මහානාම විදුහලේ 65 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් පසුගියදා පිරිත් පිංකමක් සහ දානමය පිංකමක් සංවිධානය කර තිබුණා.

මෙම අවස්ථාවේ දී සිදු වූ සුවිශේෂී සිදුවීමක් වන්නේ මහානාම විදුහලේ ඉගෙන ගන්නා අයියා සහ මල්ලී කෙනෙකු අතරින් මල්ලී පැවැදි දිවියට ඇතුළුවී මෙම පිරිත් පිංකම සඳහා වැඩම කොට සිටීමයි. 

එහිදී අයියා සමග කතාබහ කරමින් ඉතාමත් සැහැල්ලුවෙන් සිටින එම 'පොඩි සාදු' වෙත බොහෝ දෙනාගේ ඇස් යොමු වී තිබුණා. එහි ඡායාරූපයක් පහතින් ද දැක්වෙයි.

(පාසලේ ආරම්භය)

1954 වසරේ W.A.K ගුණවර්ධන විසින් කොළඹ ස්ථානයකදී සිසුන් 05 දෙනෙකුගෙන් යුතුව අධ්‍යාපන ආයතනයක් ලෙස ආරම්භ කරන ලද මහානාම විද්‍යාලය 1958 වසරේදී රජයේ අනුමත ප්‍රාථමික පාසලක් ලෙස ලියාපදිංචි කර තිබෙනවා.

මෙම කාලය තුළ සීඝ්‍රයෙන් ළමුන් මෙම පාසල සඳහා ඇතුළු වී ඇති අතර 1960 වසර වන විට ළමුන් 163 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු පාසලේ සිට තිබෙනවා.

1960 වසරේ ජනවාරි 01 වැනිදා මහානාම විදුහලේ පළමු විදුහල්පතිවරයා ලෙස J.D.A ජයකොඩි පත් කර තිබෙන අතර 1969 කාලවකවාණුව වන විට සිසුන් 373ක් සහ කාර්ය මණ්ඩලය 14ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

පාසල කාලයත් සමග පුළුල්වීමත් සමග අසළ පිහිටි වාළුකාරාමය ප්‍රදේශයට පාසල රැගෙන ගොස් ඇති අතර 1975 වසරේ ජාතික අධ්‍යාපන විභාගයට මහානාම විදුහලෙන් ළමුන් 130 දෙනෙකු පෙනී සිට ඇති අතර ඉන් ළමුන් 107 දෙනෙකු විභාගය සමත් වුණා.

පසුව රජය විසින් පාසලේ වර්ධනය වෙනුවෙන් අක්කර 07ක භූමි ප්‍රමාණයක් පාසල වෙත ප්‍රදානය කර තිබෙනවා. ඒ අනුව විදුහල්පති N.E ප්‍රනාන්දුගේ ධූර කාලයේදී පාසලේ පහසුකම් වැඩිදියුණු වන්නට පටන් ගත්තා.  පාසල තුළ දන්ත ශෛල්‍ය පරීක්ෂණාගාරයක්, අතිරේක පංතිකාමර, මෙන්ම පාසලට පළමු දෙමහල් ගොඩනැගිල්ලක් එකතු වන්නේද මේ කාලයේදීයි.
 
පළමු පංතියේ විදුහල්පතිවරයෙකු වන D.G සුමනසේකර මහානාම විදුහලේ විදුහල්පති ලෙස පත්වීමෙන් අනතුරුව වත්මන් පාසල සඳහා පදනම සකස් කරනු ලැබුවා. 

1990 වසරේ k.k රත්නදාස පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන අතර එම කාලසීමාවේදී  පාසලේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන   'Foot-Loose' සංකල්පය, පාසලේ පරිගණක පුහුණු මධ්‍යස්ථානය, ක්‍රීඩා උද්‍යානය ආදිය ඇති කෙරෙනවා.

1999 වසරේදී G. ලියනගේ පාසලේ විදුහල්පතිවරයා ලෙස පත් වෙන අතර එම කාලයේදී පාසලට පළමු තෙමහල් ගොඩනැගිල්ල එකතු වනවා. කලාගාරය, විද්‍යාගාරය, පරිගණක ඒකකයේ වැඩිදියුණු කිරීම් මෙම කාලයේදී සිදු කෙරුණා. පාසලේ මහා ක්‍රිකට් තරගය "The Battle of the Golds" කොළඹ D.S සේනානායක විද්‍යාලයත් සමග ආරම්භ වන්නේද මෙම කාලයේදීයි.

L.M.D. ධර්මසේන කොළඹ මහානාම විදුහලේ වත්මන් විදුහල්පතිවරයා ලෙස කටයුතු කරනවා. 

(ඡායාරූප - මාහානාම විද්‍යාලීය ඡායාරූප අංශය)