Friday, April 19, 2024

General line - 0115112241

'සඳුදා සිට ජනපති ක්‍රියාත්මක වෙයි' - රජයේ වෛද්‍ය නිලධාරීන් සාකච්ඡාවෙන් පසු කියයි

කසුන් කැළුම්/දිල්ශාන් තුෂාර




ඉකුත් වසර 04තුළ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සිදුවූ දූෂණ පිළිබඳ සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

සිය නියෝජිතයින් සමග ජනාධිපති මන්දිරයේ ඊයේ (12) රාති‍්‍රයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙය ප‍්‍රකාශ කළ බවයි එම සංගමය පැවසුවේ.

ඊයේ රාතී‍්‍ර 07.00ට ආරම්භ වූ එම සාකච්ඡාව පැයක පමණ කාලයක් පැවතුණා. එහිදී සාකච්ඡා කෙරුණු කරුණු සම්බන්ධයෙන්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ අදහස් පළ කළා.

වැඩි දුරටත් ඔහු පෙන්වා දුන්නේ "පසුගිය අවුරුදු 04 පුරා වෙලා තියෙන දූෂන ගැන සොයන්න විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්න ජනාධිපතිතුමා එකඟ වුණා.. එළඹෙන සඳුදා වෙනකොට ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙයි." යනුවෙනි.