Friday, March 29, 2024

General line - 0115112241

"නඩු තීන්දුවෙන් ජවිපෙ ඇතුළේ වුණ සංවාදය ඇත්ත බව ඔප්පු වුණා"

කසුන් කැළුම්/දිල්ශාන් තුෂාර




පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශට කොළඹ වාණිජ මහාධිකරණය ඉකුත් දා ලබා දුන් තින්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කරන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

විමල් වීරවංශ මන්තී‍්‍රවරයාට මෙහිදී නියෝග කෙරුණේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට රුපියල් මිලියන 10ක වන්දියක් ගෙවන ලෙසටයි.

ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමෙන් පසු විමල් වීරවංශ මන්තී‍්‍රවරයා රචනා කළ ‘‘නැත්ත වෙනුවට ඇත්ත’’ නමැති කෘතිය බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කරමින් රචනා කර ඇති බවට නියෝග කරමින් කොළඹ වාණිජ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළා. 

මේ පිළිබඳ අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් පැවසුවේ මෙම කෘතියේ ඇතුළත් කරුණු ජනතා විමුක්ති පෙරමුණ පිළිගෙන ඇති බව මෙම නඩු තීන්දුවෙන් පෙනී යන බවයි.     

එහිදී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ "මේ නඩු තීන්දුවෙන් ඔප්පු වෙලා තියෙනවා.. මෙම කෘතියේ ඇතුළත් වෙලා තියෙන ලේඛන සත්‍ය ලේඛන බවට ජවිපෙ පිළිඅරගෙන තියෙනවා. ඒ අනුව මෙම සංවාදය සත්‍ය වශයෙන්ම ජවිපෙ ඇතුලේ සිදුවුණ සංවාදයක්. ඒ නිසා ඒක සමාජයට හෙළිදරව් වීම වැලැක්වීමට තමයි මේ නඩු ගොනු කරලා..පොත තාවකාලිකව තහනම් කරලා මේ දේවල් කලේ." යනුවෙනි.