Friday, March 29, 2024

General line - 0115112241

ඕස්ටේ‍්‍රලියානු යොවුන් කණ්ඩායම හමුවේ ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ක්‍රිකට් ජයක්

කසුන් කැළුම්




සංචාරක ඕස්ටේ‍්‍රලියානු යොවුන් කණ්ඩායම සමග පැවැති තුන්දින තරගයෙන් කඩුළු 03ක ජයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඊයේ (12) සමත්වුණා.

ඕස්ටේ‍්‍රලියානු යොවුන් කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 269ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 309ක් රැස් කළා.

ඕස්ටේ‍්‍රලියානු යොවුන් කණ්ඩායම සිය දෙවෙනි ඉනිම වෙනුවෙන් රැස් කළේ ලකුණු 151ක් පමණයි. ඒ අනුව ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලකුණු 112ක ජයග‍්‍රාහී ඉලක්කයක් හිමිවුණා.

ඔවුන් දෙවෙනි ඉනිමේදී කඩුළු 07ක් දැවී එම ඉලක්කය පසුකර යමින් මෙම තරගය ජය ගත්තා. ශ‍්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් කමිල් මිෂාර ලකුණු 105ක් රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වූවා. මෙම තරගය පැවැත්වුණේ කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගනයේදීයි.