Thursday, April 25, 2024

General line - 0115112241

කට වරද්දාගත් ඉන්දීය ප‍්‍රබල ක‍්‍රීඩකයින්ගෙන් තැනට යෞවනයෙකු කැඳවයි

තරංග රුක්ෂාන් ජයසේකර




ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමෙන් තාවකාලිකව ඉවත් කළ හර්දික් පාණ්ඩයා සහ ලෝකේෂ් රාහුල් වෙනුවට නවක ක‍්‍රීඩකයෙකු වන සුබ්මාන් ගිල් සහ විජය ශංකර් කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ, මේ වනවිට ක‍්‍රියාත්මක  ඕස්ටේ‍්‍රලියාවට එරෙහි තරග සංචාරය සඳහායි. 

තවමත් 19 වන වියේ පසුවන සුබ්මාන් ගිල් මේ දක්වා කිසිදු ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගයකට ක‍්‍රීඩා කර නොතිබීම ද විශේෂත්වයක්. ඉකුත්දා පැවති රූපවාහිනි වැඩසටහනක දී සිදු කළ මතභේදාත්මක ප‍්‍රකාශයක් හේතුවෙන් හර්දික් පාණ්ඩයා සහ ලෝකේෂ් රාහුල්ට තරග තහනමක් ද පැනවීමට ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළා.