Friday, April 26, 2024

General line - 0115112241

ලෝක බැංකු මුල් පුටුවට ප්‍රබල කාන්තාවන් දෙදෙනෙක් ද්වන්ධ සටනක

දිනුක් හේවාවිතාරණ




වත්මන් ලෝක බැංකු සභාපති ලෙස කටයුතු කරනු ලබන ජිම් යොංග් කිම් ලබන පෙබරවාරි මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට දැනුම් දීමත් සමග ඔහුගෙන් හිස් වන ධුරය සඳහා අමෙරිකාවේ ප්‍රබල කාන්තාවන් දෙදෙනෙක් අතර ද්වන්ධ සටනක් නිර්මාණය වී ඇති බව ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත අනාවරණය කරනවා. 

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු තානාපතිවරියක් වන නිකී හේලි සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රමප් ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් ලෝක බැංකුවේ සභාපතිධුරය සඳහා අමෙරිකානු පාර්ශවයෙන් යෝජනාවී ඇති නම් අතර ඉදිරියෙන් සිටින බවයි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත සඳහන් කරන්නේ.

වත්මන් ලෝක බැංකු සභාපතිවරයා සිය දෙවන ධුර කාලය අවසන් වීමට වසර 03 ක කාලයක් ඉතිරිව තිබියදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කල බව ඉකුත් සතියේදී දන්වා සිටියා.

2017 වසරේදී සෞදි කාන්තාවන්ගේ ව්‍යවසායක වර්ධනය උදෙසා අමෙරිකානු ඩොලර් බිලියන 01ක අරමුදල් සැපයීම සඳහා වූ ලෝක බැංකු ව්‍යාපෘතියේ ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වුයේ ඉවන්කා ට්‍රම්ප් විසින්ය. 

කෙසේ වුවත් මේ වන විට ලෝක බැංකු සභාපතිධුරය සඳහා යෝජනා වී ඇති නම් සම්බන්ධයෙන් අමෙරිකානු මහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් අභ්‍යන්තර සමාලෝචනයන් සිදුකරමින් සිටින බව එහි ප්‍රකාශිකාවක් උපුටා දක්වමින් ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත සඳහන් කර සිටිනවා.

වත්මන් සභාපතිවරයාගේ නික්මයාමෙන් පසු පත්කරනු ලබන නව සභාපතිවරයා අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ලෝක බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය ඉකුත්දා නිවේදනය කරනු ලැබුවා.