Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දීය පන්දු යවන්නෙකුගේ ඉරියව් සැක සහිතයැයි ICC කියයි

දිනුක් හේවාවිතාරණ




ඉන්දියාවේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අම්බට්ටි රායිඩු ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්තා කර සිටිනවා. ඕස්ට්‍රේලියා සමග සිඩිනි ක්‍රීඩාංගනයේදී ඊයේ (12) පැවති එක්දින තරගයේදී අම්බට්ටි රායිඩු ගේ පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් සැකයක් ඇති බව තරග බලධාරීන් ඉන්දීය කණ්ඩායමේ කළමනාකාරිත්වයට දැනුම් දී ඇත.

මේ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති ප්‍රකාරව අම්බට්ටි රායිඩු හට ඉදිරි  දින 14ක් තුලදී පන්දු යැවීමේ පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවේ. ඔහුගේ පරීක්ෂණ වාර්තාවන් ලැබෙන තුරු ජාත්‍යන්තර තරග වලදී පන්දු යැවීමට රායිඩු හට අවසර හිමිවන බවයි ICC ය විසින් නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.