Thursday, April 25, 2024

General line - 0115112241

වත්තල වෙඩි තැබීමෙන් මිය ගිය දෙදෙනා පොලිසිය හඳුනා ගනී




වත්තල ප්‍රදේශයේ දී ඊයේ (13) සවස සිදු වූ වෙඩි තැබීමෙන් ඝාතනයට පත්ව ඇත්තේ ස්ටීවන් රාජේන්ද්‍රන් නොහොත් චාල්ස් නැමැති වයස අවුරුදු 31 වන ජින්තුපිටි වීදිය, කොටහේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සහ සුප්පයියා මාදිවානන් නම් 38 වියේ පසුවන ජින්තුපිටි වීදිය, කොටහේන ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය තහවුරු කරගෙන තිබෙනවා.

දෙදෙනාගේ මෘත ශරීර මේ වන විට රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර වත්තල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.

ඊයේ සවස 3.30ට පමණ වත්තල හේකිත්ත මාර්ගයේ අයියාන් සබ්රිමලේ කෝවිල අසළදී කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් තවත් කාර් රථයකින් ගමන් කරමින් සිටි මෙම දෙදෙනාට වෙඩි තබා ඝාතනය කර තිබුණා.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී කාන්තාවක්ද කාර් රථයේ සිට ඇති නමුත් වෙඩි තැබීමෙන් ඇයට කිසිඳු හානියක් සිදු වී නැහැ.

 

(මේ සම්බන්ධයෙන් මීට පෙර පළ වූ පුවත මෙතැනින්)