Thursday, April 25, 2024

General line - 0115112241

චීන ක්‍රිකට් වෙත ලොවේම අවධානය යොමු වූ පුවත

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන රටවල් අතර චීනයට එතරම් ජනප‍්‍රියතාවක් හිමි වන්නේ නැහැ. එහෙත් චීනය නිසා බිහි වුණ නව ක‍්‍රිකට් වාර්තාවක් පිළිබඳ ක‍්‍රීඩා මාධ්‍ය අද වාර්තා කළා.

ඒ, පන්දුවාර 20 කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්. එක්සත් අරාබි එමිර් රාජ්‍ය කාන්තා කණ්ඩායමට එරෙහි මෙම තරගයේ දී චීන කාන්තා කණ්ඩායම ලකුණු 14කට දැවී ගොස් තිබුණා.

ඒ, පන්දුවාර 10ක් තුළයි. එහිදී ක‍්‍රීඩිකාවන් 06 දෙනෙක් ලකුණු නොලබා දැවී ගිය අතර වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 04යි. චීන කාන්තා කණ්ඩායමේ ඉණිම නිම වීමට ගත වී ඇත්තේ විනාඩි 48ක් වීම ද විශේෂත්වයක්. 

තායිලන්ත පන්දුවාර 20 කාන්තා ක‍්‍රිකට් තරගාවලියක පැවති මෙම තරගයේ දී තවත් වාර්තාවක් බිහි වුණා. ඒ, පන්දුවාර 20 කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ දැවැන්තම ජය වාර්තා කරමින්. මෙම තරගයේ එක්සත් අරාබි එමිර් රාජ්‍ය කාන්තා කණ්ඩායම ජය ගත්තේ ලකුණු 189කින්.