Friday, March 29, 2024

General line - 0115112241

ඉරාන ගුවන් හමුදා යානයක් අනතුරක

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉරාන ගුවන් හමුදාවට අයත් බෝයිං 707 වර්ගයේ භාණ්ඩ ප‍්‍රවාහන යානයක් ටෙහෙරාන් අගනුවරදී අනතුරට ලක්ව තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ ගුවන් තොටුපළ හා ජනාවාස පද්ධතිය වෙන් කරන තාප්පයක ගැටුණු එම ගුවන් යානය පසුව නිවෙසක් මතට කඩා වැටී ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ පුද්ගලයින් 16දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා. ඉන් දිවි බේරාගෙන ඇත්තේ යානයේ ඉංජිනේරුවා පමණයි. අනතුරට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. ඉරාන බලධාරීන් පවසන්නේ එය කිරිගිස්තානය බලා පියාසර කරමින් තිබූ බවයි.