Friday, April 19, 2024

General line - 0115112241

ත‍්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට කැබිනට් අනුමැතිය




බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ අති පාරිශුද්ධ ත‍්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස පත් කිරීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට අද (14) කැබිනට් අනුමැතිය හිමිවුණා. ත‍්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට ජනාධිපතිවරයාගේ මැදිහත්වීම පිළිබඳ ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න අද දිනයේ විදෙස් රාජ්‍ය තාන්ති‍්‍රකයින් ද දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. එම දැනුවත් කිරීම පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදීයි. ඊට ථේරවාද බෞද්ධ රටවල තානාපති කාර්යාල 14ක රාජ්‍ය තාන්ති‍්‍රකයින් එක්ව සිටියා. 

ති‍්‍රපිටකය ඉකුත් දා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මාතලේ අලූවිහාරයේදී ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කෙරුණා. ජනාධිපතිවරයා ගනු ලැබූ එම තීරණයට ථේරවාද බෞද්ධ රටවල තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ති‍්‍රකයින් සිය ප‍්‍රසාදය ද පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.