Thursday, April 25, 2024

General line - 0115112241

ජයන්තගේ නාම යෝජනාව පිළිගනියි : තිලංග පාර්ශවයේ නාම යෝජනාවක් ප්‍රතික්ෂේප වෙයි

කසුන් කැලුම්




ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතන නිලවරණයේදී සභාපතිධූරය සඳහා ජයන්ත ධර්මදාස ලබා දුන් නාමයෝජනාව කි‍්‍රකට් නිලවරණ කමිටුව විසින් අද (14) පිළිගත්තා. ඒ, මෙවර නිලවරණයට තරග කළ හැකි අපේක්ෂකයින්ගේ නාමයෝජනා මාධ්‍ය ඉදිරියේ ප‍්‍රසිද්ධියට පත් කරමින්.

ජයන්ත ධර්මදාස මහතාට සභාපතිධූරය සඳහා තරග වැදීමට සුදුසුකම් නොමැති බව පවසමින් තිලංග සුමතිපාල පාර්ශවය ඔහුට එරෙහිව විරෝධතාවක් ගොනු කර තිබුණා. කෙසේවෙතත් තිලංග සුමතිපාල පාර්ශවයෙන් සහකාර භාණ්ඩාගාරික ධූරයට නාමයෝජනා භාර දුන් ගිහාන් වීරසිංහගේ නාමයෝජනාව ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙවර කි‍්‍රකට් නිලවරණයේදි සභාපතිධූරය සඳහා සිව්දෙනෙකු තරග වදිනවා. තිලංග සුමතිපාල පාර්ශවයෙන් ඒ සඳහා මොහාන් ද සිල්වා සහ ශම්මි සිල්වා සභාපතිධූරය සඳහා තරගවැදීමට නියමිතයි. ජයන්ත ධර්මදාස ද සභාපතිධූරයට තරග වදින අතර නිශාන්ත රණතුංග පාර්ශවයෙන් ඒ සඳහා කේ මතිවානන් තරග වදිනවා. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය ලබන පෙබරවාරි මස 07වනදා පැවැත්වීමට නියමිතයි.