Friday, March 29, 2024

General line - 0115112241

ටිල්වින්ට සහ හඳුන්නෙත්තිට අධිකරණයෙන් නොතීසි

අධිකරණ වාර්තාකරු




ජනතා විමුක්ති පෙරමුණේ  ප‍්‍රධාන ලේකම්  ටිල්වින් සිල්වාට සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්තිට ලබන පෙබරවාරි මස 6 දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (14) නොතීසි නිකුත් කළා. ඒ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශගේ බිරිද වන ශෂී වීරවංශට එරෙහිව පවතින නඩුවක් සඳහා සාක්ෂි ලබා දීමටයි.

ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තුමේන්තුවට භාර දී අවිධිමත් රාජතාන්ත‍්‍රික විදේශ ගමන් බලපත‍්‍රයක් සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත‍්‍රයක් ලබා ගත්තේ යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශගේ බිරිඳට එරෙහි නඩුව අද කැඳවනු ලැබුවා. ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේයි.  

මෙම නඩුවට අදාල ලේඛන කිහිපයක් හදුනා ගැනීමට අවශ්‍ය බැවින් එම සාක්ෂිකරුවන්ගේ සාක්ෂි කැදවීමට පැමිණිලි පාර්ශවය කටයුතු කරන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේ.