Tuesday, March 19, 2024

General line - 0115112241

වවුනියාවේ සහ වතුකරයේ තෛපොංගල් සමරන අයුරු (PHOTOS)

රංජිත් රාජපක්ෂ/මාධව කුලසූරිය




නෙළා ගත් අස්වැන්න යොදා ගනිමින් සූර්ය දෙවියන් උදෙසා පූජාවන් පැවැත්වීම සිදු කෙරෙන තෛපොංගල් දිනය සැමරීම උතුරේ හින්දු බැතිමතුන් අද (15) මහත් හරසරින් යුතුව සිදු කරනු ලබනවා.

වවුනියාව නගරයේ ගණදෙවි කෝවිලේ දේව පුජාවක්ද මෙහිදී සිදු කෙරුණා.

කෘෂිකාර්මික ජිවිතය හා බැඳුන හින්දු ජනතාව තම අස්වනු සරු කර ගැනීම උදෙසා උපකාර කළ සූර්ය දෙවියන් සඳහා භක්තිය දැක්වීම වෙනුවෙන් නෙළා ගත් අස්වැන්න යොදා ගනිමින් හකුරු හා නැවුමි එළකිරි යොදා කිරි ඉතිරවීම තෛපොංගල් දිනයේදි සිදු කරනු ලබන ප්‍රධාන චාරිත්‍රයක්.

සෞභාග්‍ය සංකේතවත් කරමින් තෛපොංගල් දිනය සැමරීම සිදු කරනු ඇති.

මේ අතර වතුකරයේ ජනතාවද අද දිනයේ මහත් හරසරින් යුතුව තෛපොංගල් උත්සවය සැමරීම සිදු කරනවා.