Friday, April 19, 2024

General line - 0115112241

ජාතික වනෝද්‍යානවලට ඇතුල්වන්නන්ට අද සිට නව පහසුකමක්

කසුන් කැළුම්




ජාතික වනෝද්‍යානවලට ඇතුළුවීමට අන්තර්ජාලය මගින් ප‍්‍රවේශපත‍්‍ර ලබා ගැනීමට අද (15) සිට අවස්ථාව සැලසෙනවා.

වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ www.dwc.gov.lk යන වෙබ් අඩවියට පිවිස එම ප‍්‍රවේශපත‍්‍ර වෙන්කළ හැකි බවයි.

සංචාරකයින් වනෝද්‍යානවලට ඇතුළුවීමේදී ප‍්‍රවේශපත් ලබාගැනීමට පිවිසුම් දොරටුව අසල වැඩි වේලාවක් රැදී සිටින අතර එය වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙනවා.