Friday, April 19, 2024

General line - 0115112241

නිල සංචාරයකට ජනපති රටින් පිටවේ




දින පහක නිල සංචාරයක් සඳහා ජනධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (15) පෙරවරුවේ පිලිපීනය බලා පිටත්ව ගියා.

ඒ, පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩියුටේට්ගේ ආරාධනයකට අනුවයි. මෙරට ජනාධිපතිවරයෙකු පිලිපීනයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාවද මෙය වනවා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම නිල සංචාරයේදී එරට ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් සමග ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මෙම නිල සංචාරය සඳහා දහතුන් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එක්ව සිටිනවා.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානය සහ ලොස් බැනෝස්හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ නිරීක්‍ෂණ චාරිකාවකටද එක්වීමට නියමිතයි. ජනාධිපතිවරයා එහිදී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකා ඕ සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.