Wednesday, April 24, 2024

General line - 0115112241

කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශකවරු පත් කිරීමත් ගැටලුවක් වෙයි

කසුන් කැළුම්/ පසන් වික්‍රමතිලක




වත්මන් ආණ්ඩුවේ කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශකවරුන් තවමත් පත් කර නැහැ. 

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පැවසුවේ ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවධානය යොමු නොවූ බවයි.

පැවති අර්බුධ හේතුවෙන් නව කැබිනට් ප‍්‍රකාශකවරු පත් කිරීම කෙරෙහි ගැටළුවක් පැවති බවත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද ඔහු එහිදී සඳහන් කළා.

මේ අතර ඉකුත් යහපාලන ආණ්ඩුවේ සම කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශකවරුන් ලෙස කටයුතු කළේ් අමාත්‍ය රාජිත සේනාරත්න සහ අමාත්‍ය ගයන්ත කරුණාතිලකයි.