Thursday, April 25, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් සංගමය නව ක්‍රීඩා ඇමතිට දුක කියයි

කසුන් කැළුම්




තමන්ට පවතින අගහිගකම් පිළිබදව ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් සංගමයේ නියෝජිතයින් කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු දැනුවත් කර තිබෙනවා. සිය සංගමය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය යටතට පවරා ගන්නා බවට හිටපු කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පොරොන්දුවක් ලබාදුන්නද ඊට මෙතෙක් යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බවයි ඔවුන් පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් ඊයේ (14) දිනයේදී කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු දැනුවත් කළ බවයි ලෝක දෘෂ්‍යාබාධිත වූවන්ගේ කි‍්‍රකට් සංගමයේ උප සභාපති සහ ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් සංගමයේ වැඩබලන ලේකම් චමින්ද පුෂ්ප කුමාර නෙත් ස්පෝර්ට්ස්මන් වෙත පැවසුවේ.

පාකිස්තානු දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් කණ්ඩායම ලබන මාසයේ තරග සංචාරයක් සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන එම තරගාවලිය සඳහා පවතින ගැටළු කිිහිපයක් සම්බන්ධයෙන්ද දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් සංගමයේ නියෝජිතයින් කී‍්‍රඩා අමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා.