Friday, April 26, 2024

General line - 0115112241

විනය ගැන ගෝඨාභය පැහැදිළි කරයි

කසුන් කැළුම්




නිසි විනයක් ඇත්නම් පමණක් යහපත් සමාජයක් බිහි වන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා.

කළුතර, පිංහේන ගංගාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයක් අමතමින් ඔහු ඒ බව සඳහන් කළා.

එහිදී "සෑම දෙමාපියෙක්ම තමන්ගේ දරුවන්ව දහම් පාසලට යැවීම ඉතාම වැදගත්. අද නිදහස ගැන ලොකු කතාවක් තියෙනවා..  පුද්ගලයෙකුට නිදහස ලැබෙනවාත් සමගම ඒ පුද්ගලයාගේ විනය ඉතාමත්ම වැදගත් වෙනවා. එහෙම නැත්නම් සමාජය වියරු තත්ත්වයකට පත්වෙනවා." යනුවෙන් ද සඳහන් කළා.

ආගමික ස්ථාන සංවර්ධනය කර ආරක්‍ෂා කළහොත් පමණක් සමාජයක් ලෙස ඉදිරියට යා හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.