Tuesday, March 19, 2024

General line - 0115112241

මාස ගණනක් තිස්සේ දුම්වැටිවලින් දරුවා පුලුස්සා විනෝද වුණු සැකකරුව නොමග යවා කොටුකර ගනී (PHOTOS)

ජයන්ත වීරසේකර




වයස අවුරුදු 01යි මාස 10ක දරුවෙකුව මාස ගණනක් තිස්සේ  දුම්වැටිවලින් පුලුස්සා වදහිංසා සිදු කළ සැකකරුවකුව උපක්‍රමශීලිව අත්අඩංගුවට ගැනීමට සියඹලාණ්ඩුව පොලිසිය සමත් වී තිබෙනවා.

සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයේ පහේ කනුව ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු සිද්ධිය සැලවීමත් සමග ප්‍රදේශයේ අත හැර පලාගොස් සිටි අතර සැකකරු සොයා පොලිස් විමර්ශන අඛණ්ඩව සිදු කෙරුණා.

පසුව සැකකරුගේ දුරකථන අංකය සොයාගත් පොලිසිය උපක්‍රමශීලිව පොලිස් කාන්තාවක් යොදවා සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන තිබෙනවා. පසුව සැකකාර පුද්ගලයා පොලිස් නිලධාරීනියට පෙම්වතිය සේ රැවටී ඇයව දැක ගැනීමට දොඹගවෙල නගරයට පැමිණ තිබුණා. 

එහිදී පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මාතර ප්‍රදේශයේ පදිංචි සුගත් යන අය ලෙස පෙනී සිටිමින් පොලිස් කාන්තාව සමග ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන ගොස් තිබුණා. අත්අඩංගුවට ගත් සැකකරු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඔහුගේ අනියම් බිරිද වන දරුවාගේ මවද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.