Thursday, April 18, 2024

General line - 0115112241

වෙඩි වැදී තුවාල ලබා සිටි ගලෙන්බිදුණුවැව වනඅලියෙකු මියයයි

චින්තක බාලසූරිය




ගලෙන්බිදුණුවැව, යකල්ල ප‍්‍රදේශයේදී පාදයකට වෙඩි වැදී තුවාල ලබා වේදනාවෙන් පසු වූ වනඅලියෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ඉකුත් දින කිහිපයේදීම මෙම වනඅලියාගේ ජීවිතය බේරා ගැනීම සදහා පණ්ඩුලගම වනජීවි නිලධාරීන් දැඩි උත්සාහයක නිරත වුණා.

කෙසේවෙතත් ප‍්‍රදේශවාසීන් පවසන්නේ පශු වෛද්‍යවරුන් මෙම වනඅලියා බේරා ගැනීමට උනන්දුවකින් ප‍්‍රතිකාර නොකළ බවයි. මියගිය වනඅලියාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කිරීම සදහා වනජීවි නිලධාරීන් පැමිණි අවස්ථාවේ ප‍්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.