Wednesday, April 24, 2024

General line - 0115112241

රෝගීන්ගේ සියලූ තොරතුරු ගබඩා කරගත හැකි නව උපකරණ පද්ධතියක් රටපුරා රෝහල් 20කට




රජයේ රෝහල් 20ක විද්‍යුත් රූප සංරක්ෂණ හා සන්නිවේදන පද්ධතියක් සහ විකිරණ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් වනවා. එහි එක් ප‍්‍රධාන අරමුණක් වන්නේ රෝගීන්ගේ සියලූ තොරතුරු සංරක්ෂණය කර ගබඩා කිරීමයි.

ඩිජිටල් විකිරණ රූප විශාලනය කර බැලීමට හැකියාව ලබාදීම තුළින් අවම පිරිවැයක් සහ කාලයක් වැය කර රෝග නිශ්චය පිළිබද නිවැරදි තීරණ ගැනීමට හැකි වීම තවත් අරමුණක්. මෙම නව පද්ධතිය රජයේ රෝහල් 20ක ස්ථාපිත කිරීමටයි නියමිතව ඇත්තේ. අදාළ පද්ධතිය මැලේසිියානු පෞද්ගලික ආයතනයකින් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා.