Thursday, April 25, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාව ඩොලර් මිලියන දහසක විදෙස් ණයක් ගෙවයි

හේමන්ත කහවලගේ




ශ‍්‍රී ලංකාව ලබාගෙන තිබූ අමෙරිකානු ඩොලර් මිලියන දහසක ණය මුදලක් වත්මන් ආණ්ඩුව අද (15) දිනයේ ගෙවා දැමූ බව ආර්ථික ප‍්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. 

ඔහු පෙන්වා දෙන්නේ 2014 වර්ෂයේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී එවක රජය මෙම ණය මුදල ලබාගෙන තිබු බවයි. ඒ, සියයට 06ක පොලියකටයි. මෙම ණය මුදල ලබා ගෙන තිබුණේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හරහා බවයි කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ප‍්‍රකාශ කළේ. 

මෙවැනිම තවත් ජාත්‍යන්තර ණය ගෙවා දැමීමට තිබෙන බවද ඔහු වැඩිදුරටත් පවසනවා.