Wednesday, April 24, 2024

General line - 0115112241

චීනය සඳට ගෙන ගිය බීජ පැළ වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




චීනය විසින් සඳ මතට ගෙනයන ලද බීජ පැළ වී ඇතැයි අද (15) අනාවරණය කෙරුණා. එය සැලකෙන්නේ සඳ මත ජීව ගුණය සහිත කිසියම් හෝ ද්‍රව්‍යයක් රෝපණය කළ ඉතිහාසයේ පළමු අවස්ථාව ලෙසයි. චීනය මෙලෙස රැගෙන ගොස් තිබුණේ අර්තාපල් සහ කපු බීජ සහිත පස් සාම්පල් මෙන්ම යීස්ට් සහ පළතුරු මැස්සන්ගේ බීජයි. ඒවා පැළ කර තිබුණේ සකස් කරන ලද කුටීරයක් තුළයි. ඒ අතරින් කපු බීජ දළු ලා වැඞී ඇති බව චීනය පවසනවා. ‘‘චාන්ගි - 4’’ නම් වූ අභ්‍යවකාශ යානය මගින් මෙම බීජ රැගෙන ගොස් තිබුණා. 

අභ්‍යවකාශ තරණයේ නිරත වන අනාගත පෘථිවි වාසීන්ට ඔවුන්ගේ ආහාර අවශ්‍යතා සපුරාගත හැකිදැයි සොයා බැලීම මෙම ගවේෂණයේ ප‍්‍රධාන අරමුණක් වුණා. දීර්ඝ කාලීන අභ්‍යවකාශ ගවේෂණයේ ඉතා වැදගත් සංධිස්ථානයක් ලෙස, මෙලෙස ස`ද මතට ගෙන ගිය බීජ පැළවීම හැ`දින්විය හැකි බවයි චීන විද්‍යාඥයින් පවසන්නේ.