Thursday, April 25, 2024

General line - 0115112241

ඩිල්ෂාන්ගේ වාර්තාවක් කෝලි බිඳ දමයි

තරංග රුක්ෂාන් ජයසේකර




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක‍්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් එක්දින ක‍්‍රිකට් පිටියේ බිහිකර තිබූ වාර්තාවක් අභිබවා යාමට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි අද (15) සමත් වුණා. ඩිල්ෂාන් මීට පෙර සිය නම, එක්දින ක‍්‍රිකට් වාර්තා පොත් අතර සටහන් කර තිබුණේ වැඩිම ලකුණු ලැබූ 11 වන පිතිකරුවා ලෙසයි. අද, ඔහු 12 වන ස්ථානයට ඇද දමමින් 11 වන ස්ථානයට පැමිණීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත් වුණා. ඒ,  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව අද පැවති දෙවන එක්දින තරගයේ දී ශතකයක් වාර්තා කරමින්. 

කෝලි අද රැස් කළේ සිය එක්දින ක‍්‍රිකට් දිවියේ 39 වන ශතකයයි. ඒ අනුව ඔහුට එක්දින ක‍්‍රිකට් පිටියේ ලොව වැඩිම ශතක සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු බවට පත්වීමට තවත් ලබා ගත යුත්තේ ශතක 11ක් පමණයි. 

කෝලි හඹා ගොස් රැස් කළ මෙම ශතකය හේතුවෙන්  ඕස්ටේ‍්‍රලියාවට එරෙහි දෙවන එක්දින තරගය ඉන්දියාව අද කඩුලූ 06කින් ජය ගත්තා. විරාත් කෝලි එහිදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 104ක්. ඒ අනුව ඔහු එක්දින පිටියේ රැස්කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 10,339ක්. ඩිල්ෂාන් රැස්කර තිබූ ලකුණු සංඛ්‍යාව 10,290ක් වනවා.