Friday, April 19, 2024

General line - 0115112241

පළාත් නවය, තුනක් කිරීමේ ව්‍යවස්ථා යෝජනාවක් ගැන අනාවරණයක්

දිල්ශාන් තුෂාර




ශ‍්‍රී ලංකාවේ පළාත් 09, පළාත් 03කට වෙන් කිරීමේ යෝජනාවක් නව ව්‍යවස්ථා යෝජනා කෙටුම්පතේ ඇතුළත් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. නව ව්‍යවස්ථා යෝජනා ඉදිරිපත් කර ඇත්තේ වෙනත් දේශපාලන සංවිධානයක ජාත්‍යන්තර අවශ්‍යතා සහ උවමනා ඉටු කර ගැනීමට බවයි ඔහු කියා සිටියේ. ඒ, කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකදීයි. 

නව ව්‍යවස්ථා කෙටුම්පතේ ඇතුළත් යෝජනා ක‍්‍රියාත්මක වුවහොත් රටට සුබ ප‍්‍රතිඵල අත් නොවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා. 

මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් එම් චන්ද්‍රසේන ද එක්ව සිටියා. පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වා ගැනීම සදහා ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබද ඔහු මෙලෙස පැහැදිලි කළා. 

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂය ඊයේ (14) අවධාරණය කළේ තම පක්ෂය ද පළාත් සභා මැතිවරණයට සූදානම් බවයි.