Friday, April 26, 2024

General line - 0115112241

සිංහරාජයේ මාර්ගය ගැන ආණ්ඩුවෙන් අලූත් කතාවක්

සජිත් තිලකරත්න




සිංහරාජය හරහා අලූතින් මාර්ගයක් ඉදි නොකරන බවත්, සිදු කරන්නේ අබලන්ව ඇති මාර්ගය ප‍්‍රතිසංස්කරණය කිරීම බව පරිසර අමාත්‍යංශය අද (15) අවධාරණය කළා. නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම කියා සිටියේ රක්ෂිත වනාන්තරයේ සිට ලෝක උරුම භූමියේ ප‍්‍රධාන දොරටුව දක්වා මෙම මාර්ගය දැඩි ලෙස අබලන් වී ඇති බවයි. ප‍්‍රතිසංස්කරණය කරන මාර්ගය පිළිබ`ද සොයා බැලීම සදහා අද එහි ගිය අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

කෙසේවෙතත් පරිසර සංවිධාන පවසන්නේ ලෝක බැංකුවේ අනුග‍්‍රහයෙන්  ලෝක උරුම සිංහරාජ වනාන්තරය මැදින් ඉදි කිරීමට සූදානම් වන මාර්ගයෙන් වනාන්තරයට හානියක් නොවන බව පෙන්වීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බවයි. 

මේ අතර සිංහරාජ වනාන්තරය සහ කන්නෙලිය රක්ෂිතය යා කරමින් වනාන්තර කොරිඩෝවක් අලූතෙන් නිර්මාණය කරමින් ගස් 25,000ක් රෝපණය කිරීමට නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු කරමින් සිටිනවා. ඔබට ද සම්බන්ධ විය හැකි මෙම වැඩසටහන පිළිබද වැඩි විස්තර 072 7 372 372 දුරකතන අංකයෙන් ලබාගත හැකියි.