Saturday, April 20, 2024

General line - 0115112241

පළාත් සභා මැතිවරණය කඩිනම් කරන්නැයි අස්ගිරි මහ නාහිමි ආණ්ඩුවට කියයි

චන්දන උඩුවාවල/දිල්ශාන් තුෂාර




දැන් රටට අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් නොව පළාත් සභා මැතිවරණය බව අස්ගිරි මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥාණරතන හිමියන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධනට අද (15) පෙන්වා දුන්නා.

මේ අතර ජාතික සමත බලවේගය සංවිධානයේ භික්ෂූන් වහන්සේ ද අද මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දුටුවා. එහිදී එම භික්ෂූන් වහන්සේ ඇතුළු නියෝජිතයින් මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාවේ දී අධිෂ්ඨාන පූජාවක ද නිරත වුණා. ඒ, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට සහ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිවයි. මේ, එහිදී අදහස් දැක්වූ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්. 

කෙසේවෙතත් මහා සංඝරත්නය නව ව්‍යවස්ථාවට විරෝධය පළ කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය දඹර අමිල හිමියන් පළ කළේ මෙවන් අදහසක්. 

මේ අතර නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අද දිනයේ ද විවිධ අදහස් පළ වුණා. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා අද ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. 

මේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා. 

කෙසේවෙතත් අමාත්‍ය රවී කරුණානායක නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. 

අමාත්‍ය තලතා අතුකෝරළ ද පළ කළේ ඊට සමාන අදහසක්.