Thursday, April 18, 2024

General line - 0115112241

ඉන්ධන මිලට එරෙහි සිම්බාබ්වේ විරෝධතා ප‍්‍රචණ්ඩ වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සිම්බාබ්වේ රාජ්‍ය පුරා ආරම්භ වී ඇති දැවැන්ත විරෝධතා ප‍්‍රචණ්ඩ වී තිබෙනවා. පුද්ගලයින් කිහිපදෙනෙකු දැනටමත් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් සියයකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. විරෝධතාකරුවන් ටයර් පුළුස්සමින්, මාර්ග අවහිර කරමින්, රථ වාහනවලට පහරදෙමින් විරෝධතාවයේ නිරත වන බව එහි සඳහන්. 

ඊයේ (14) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල ගණන් දෙගුණයකටත් වඩා වැඩි මිලකින් ඉහළ දැමීමටයි සිම්බාබ්වේ රජය තීරණය කළේ. 

ඒ සමඟ රට පුරා විරෝධතා ආරම්භ වුණා. ඩොලර් 1.24කට පැවති පෙට‍්‍රල් ලීටරයක මිල ඩොලර් 3.31ක් දක්වාත්, ඩොලර් 1.36ක්ව තිබූ ඞීසල් මිල ඩොලර් 3.11ක් දක්වාත් වැඩි කිරීමට සිම්බාබ්වේ රජය තීරණය කළා.