Friday, March 29, 2024

General line - 0115112241

වරාය නගර ව්‍යාපෘතියේ ගොඩකිරීම් අවසන් - මීළඟ අදියර ගැන දැනුම් දෙයි (VIDEO)

මහේෂ් චතුරංග




වරාය නගර ව්‍යාපෘති සමාගම තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වරාය නගර සමස්ත ගොඩකිරීමේ කටයුතු අවසන් කර ඇති බව දැනුම් දෙනවා.

ඒ අනුව වැලි කැණීමේ කටයුතුවල නිරතව සිටි අවසන් නෞකාව වන ෂිං හායි ලෝන්ග් වරාය නගර භූමියෙන් සමු ගැනීම සිදූ බවද සඳහන් කරනවා.

හෙක්ටයාර් 269ක බිම් ප්‍රමාණයේ පිළිසැකැසුම් මේ වන විට සම්පූර්ණ කොට ඇති අතර නව නගරයේ දෙවන අදියර සඳහා දැන් සියලු කටයුතු සූදානම් බවයි දැනුම් දෙන්නේ.