Wednesday, April 24, 2024

General line - 0115112241

යු ටියුබ් මින් ඉදිරියට අවස්ථාව නොදෙන වීඩියෝ ගැන පැහැදිළි කරයි




භයානක සහ හානිදායක මෙන්ම වේදනාකාරී සිද්ධීන්ට අදාළ වීඩියෝ දර්ශන එක් කිරීම තහනම් කිරීමට යු ටියුබ් ආයතනය තීරණය කර තිබෙනවා.

එවැනි වීඩියෝ දර්ශන මගින් සිදු වී ඇති සහ සිදු විය හැකි හානි සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

යු ටියුබ් ආයතනය පවසන්නේ මෙවැනි කිසිදු ආකාරයේ වීඩියෝවකට මින් පසු තම සමාජ ජාල මාධ්‍ය තුළ කිසිදු ඉඩක් වෙන් නොවන බවයි.

කෙසේවෙතත් සමාජ ජාල මාධ්‍ය තුළ හානිකර අන්තර්ගතයන් සහිත ප‍්‍රකාශනයන්ට පවතින නීති රිති ක‍්‍රියාත්මක කිරීම මන්දගාමීව සිදු වන බව විදෙස් මාධ්‍ය පවසනවා.