Saturday, April 20, 2024

General line - 0115112241

"ඉල්ලා අස්කර ගත්තොත් ඉල්ලා අස්කර ගන්නවා"

අධිකරණ වාර්තාකරු




මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසට කටයුතු කිරීම වළකාලමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක්කරමින් මහින්ද රාජපක්ෂ මහතා සහ අනෙකුත් හිටපු කැබිනට් අමාත්‍යවරු ගොනු කළ අභියාචන පෙත්සම් පෙබරවාරි මස 16 දා ට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) නියෝග කළා.

මෙම අභියාචන පෙත්සම්වල වගඋත්තරකරුවන් ඔවුන් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති රිට් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්තු වන බව දන්වා ඇති බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු දැනුම් දී තිබෙනවා.

ඔවුන් එම රිට් පෙත්සම ඉල්ලා අස්කර ගත හොත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශ්වයන් ද ඔවුන්ගේ අභියාචන පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔවුන්ගේ නීතිඥවරු දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මෙම අභියාචන පෙත්සම් පෙබරවාරි මස 6 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින ලබා දුන්නා.

අභියාචනාධිකරණයේ අතුරු තහනම් නියෝගය අත්හිටුවන ලෙසට කළ ඉල්ලීම පසුගිය දෙසැම්බර් මස 14 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කොට මෙම අභියාචන පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. 

ඒ අනුව අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තුරු බලපැවැත්වෙනු ඇති.
 
දෙසැම්බර් මස 3 වැනි දා අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය නීතිමය ප්‍රතිපාදන වලට පටහැනි සහ දෝෂ සහිත එබැවින් එම නියෝගය ඉවත දමන ලෙසට මෙම අභියාචන පෙත්සමෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියා.

මෙම අභියාචන පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙසට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 ක් සහ හිටපු කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් 49 ක් නම් කර තිබෙනවා.

මීට අමතරව අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු , චමල් රාජපක්ෂ , දිනේෂ් ගුණවර්ධන සහ විජේදාස රාජපක්ෂ යන අයද අභියාචන පෙත්සම් ගොනු කළා. ඔවුන් සිවුදෙනා කැබිනට් අමාත්‍යවරුන් ලෙසට කටයුතු කිරීම වළකාලමින් ද අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබුණා. 

------------------------------

මහින්ද ගොනු කළ පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවයි

(16-01-2019 09:47)

 

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසට කටයුතු කිරීම වළකාලමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක්කරමින් මහින්ද රාජපක්ෂ මහතා සහ අනෙකුත් හිටපු කැබිනට් අමාත්‍යවරු  ගොනු කළ අභියාචන පෙත්සම් අද (16) ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනීමට නියමිතයි.

අභියාචනාධිකරණයේ අතුරු තහනම් නියෝගය අත්හිටුවන ලෙසට කළ ඉල්ලීම පසුගිය දෙසැම්බර් මස 14 දා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කොට මෙම අභියාචන පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. 

ඒ අනුව අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තුරු බලපැවැත්වෙනු ඇති .

දෙසැම්බර් මස 3 වැනි දා අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය නීතිමය ප්‍රතිපාදනවලට පටහැනි සහ දෝෂ සහිත එබැවින් එම නියෝගය ඉවත දමන ලෙසට මෙම අභියාචන පෙත්සමෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියා.