Friday, March 29, 2024

General line - 0115112241

දිවයින පුරා රෝහල් 132කට ගිලන් රථ (PHOTOS)




දිවයින පුරා රෝහල් 132කට අවශ්‍ය ගිලන් රථ 132ක් බෙදා දීමට මේ වනවිට කටයුතු සූදානම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 2500ක්.

පළාත් සභා රෝහල් 103කට, මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල් 27කට සහ ආයුර්වේද රෝහල් 02කට මෙම ගිලන් රථ ලබාදෙනු ඇති.

එංගලන්තයේ නිෂ්පාදිත මෙම ගිලන් රථ රෝහල් වෙත ලබාදීම ලබන සිකුරාදා සිදු කිරීමට නියමිතයි.