Friday, April 19, 2024

General line - 0115112241

සෝමාලියානු ත‍්‍රස්තවාදීන්ගෙන් කෙන්යාවේ නයිරෝබි නුවරට ප්‍රහාරයක්




කෙන්යාවේ නයිරෝබි නුවර පිහිටි ප‍්‍රධාන පෙලේ සුඛෝපභෝගී හෝටල් සංකීර්ණයකට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මේ වනවිට ලැබී ඇති තොරතුරුවලට අනුව පුද්ගලයින් 06 දෙනෙකු ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

හෝටල් සංකීර්ණය තුළින් වෙඩි ප‍්‍රහාර සහ පිපිරුම් හඩ රැසක් ඇසුණු බවට ද වාර්තා පළ වනවා.

කෙසේවෙතත් ප‍්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව පිළිබඳ මේ වනවිටත් නිශ්චිත තොරතුරු වාර්තා වන්නේ නැහැ. ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. කිසියම් හෝ සංචාරකයෙකුට ප‍්‍රහාරයෙන් හානියක් සිදුව ඇත්දැයි ද මෙතෙක් අනාවරණ වී නැහැ.

සෝමාලියානු ත‍්‍රස්ත සංවිධානයක් වන අල් ශබාබ් සංවිධානය ප‍්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා.