Friday, August 23, 2019
Hotline - 0770586666

පස්යාලේ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානයකින් මත්පෙති කරල් ලක්ෂයක් සොයා ගැනේ

හර්ෂිකා සංජීවනී

4048Views

 

 

 

පස්යාල, වීරසූරිය කන්ද ප‍්‍රදේශයේ ලියාපදිංචි නොකළ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළ තිබී විවිධ වර්ගයේ මත්පෙති හා කරල් ලක්ෂයකට අධික ප‍්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

ඒ, වීරගුල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි.

එම වෛද්‍ය මධ්‍යස්ථානය තුළ ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු සතුව තිබී අදාළ මත්පෙති සහ කරල් සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මීරිගම පහළවෙල ප‍්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.