Friday, April 19, 2019
Hotline - 0770586666

යාපනයේ නීති විරෝධී කේබල් රූපවාහිනි වලට එරෙහි මෙහෙයුමක් ඇරඹෙයි

දිනසේන රතුගමගේ

4639Views

යාපනය ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක අනවසර කේබල් රූපවාහිනි මධ්‍යස්ථාන මගින් නගරයේ ඇද ඇති කේබල් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, යාපනය මහ නගර සභාව විසින්. යාපනය පොලීසිය අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් අනුවයි මෙම කටයුතු සිදු කෙරෙන්නේ. 

මේ අතර අනවසර රූපවාහිනී කේබලයක් හරහා සිදුවූ විදුලි කාන්දුවකින් ඉකුත්දා යාපනය නගරයේ කාන්තාවක් ජීවිතක්‍ෂයට පත්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එයද සැලකිල්ලට ගනිමින් පොලීසිය විසින් යාපනය අධිකරණයට මේ පිළිබද කරුණු දක්වා තිබෙනවා.