Friday, August 23, 2019
Hotline - 0770586666

ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් විමල් හා නාමල්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට යයි

අධිකරණ වාර්තාකරු

3945Views

 

 

 

ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වලට අදාළව නාමල් රාජපක්‍ෂ සහ විමල් වීරවංශ යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගෙන්ද ප‍්‍රකාශ ලබාගැනීමට අදහස් කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අද (16) දැනුම් දුන්නා.

විමල් වීරවංශ මන්තී‍්‍රවරයාගේ බිරිදගෙන්ද මේ පිළිබද ප‍්‍රකාශයක් ලබාගැනීමට අදහස් කරන බවයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

නාමල් කුමාර නමැත්තෙකු දුරකතන හඩපට සමූහයක්ද ඉදිරිපත් කරමින් මෙම ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණය පිළිබද පළමුවරට කරුණු දැක්වූවා.

ඊට අදාළව ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගැණුනු අතර ඔහු මේ වනවිට සිටින්නේ රක්‍ෂිත බන්ධනාගාරගතවයි. නාමල් රාජපක්‍ෂ සහ විමල් වීරවංශ යන මන්තී‍්‍රවරුන්ද විමල් වීරවංශ මන්තී‍්‍රවරයාගේ බිරිද ද හමු වූ බවට මෙම ඉන්දීය ජාතිකයා ප‍්‍රකාශ කර තිබෙනවා.

මන්තී‍්‍රවරුන් දෙදෙනාගෙන් සහ විමල් වීරවංශ මන්තී‍්‍රවරයාගේ බිරිදගෙන් ප‍්‍රශ්න කිරීමට අවශ්‍ය වී ඇත්තේ ද ඒ අනුව බවයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියාසිටියේ.

ප‍්‍රශ්නගත ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාද චෝදනා ලබා සිටිනවා. ලබන 21 වනදා දක්වා ඔහු තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට අද නියම කෙරුණා. මෙම නඩුව විභාගයට ගැණෙන්නේ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේය