Friday, April 19, 2019
Hotline - 0770586666

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිසා දේශපාලන පිටිය තවත් උණුසුම්

හේමන්ත කහවලගේ/ලහිරු කපුගේ/දිල්ෂාන් තුෂාර/ඩිල්ෂාන් මඩවල

3403Views

සැකසෙමින් ඇති නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්ද දේශපාලන වේදිකාවේ අද (16) අදහස් පළ වුණා.

මේ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ ඒ පිළිබද දැක්වූ අදහස්.
 

මේ අතර අමාත්‍ය රාජිත සේනාරත්න පවසන්නේ කිසිවෙකු හෝ කලබල වියයුතු ව්‍යවස්ථා කෙටුම්පතක් තවමත් ඉදිරිපත් වී නොමැති බවයි.  නව ව්‍යවස්ථා කෙටුම්පතක් සම්මතවීම වළක්වාලීමට පහසු ක‍්‍රම තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
 

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන මොහාන් ද සිල්වාද මේ පිළිබද අදහස් පළ කළා. 


මේ අතර මේ පිළිබද අදහස් දක්වමින් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ ඉදිරිපත් නොකළ ව්‍යවස්ථා කෙටුම්පතක් පෙන්වමින් විපක්‍ෂය ජනතාව නොමග යවමින් සිටින බවයි. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක් දැයිද ඔහු පැහැදිලි කළා.


පවතින දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් අද රාති‍්‍ර ප‍්‍රචාරය වන නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනේදී තවදුරටත් සාකච්ඡා කෙරෙනවා. මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන ඊට සහභාගිවීමට නියමිතයි. නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහන රාතී‍්‍ර 7.30 සිට ප‍්‍රචාරය කෙරෙනවා.