Friday, April 26, 2024

General line - 0115112241

කොල්ලූපිටිය සිට දෙහිවල දක්වා නව වෙරළ නගරයක්

මහේෂ් චතුරංග/ඩිල්ෂාන් මඩවල




කොල්ලූපිටියේ සිට දෙහිවල දක්වා ඉදිරියේදී නව වෙරළ නගරයක් ඉදිකරන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

මහානගර සංවර්ධන සැලසුම් යටතේ මෙම ඉදිකිරීම සිදුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

කොළඹ වරාය නගරය සදහා මුහුද ගොඩකිරීම අවසන් කිරීම වෙනුවෙන් අද (16) පැවති හමුවකදී මේ බව ප‍්‍රකාශ කෙරුණා.

කොළඹ වරාය නගරයේ සිදුවන ඉදිරි ඉදිකිරීම් පිළිබදවද මෙහිදී විස්තර කෙරුණා. 


කොළඹ වරාය නගරය වෙනුවෙන් ගාළුමුවදොරට ආසන්න මුහුදේ හෙක්ටයාර 269 ක භූමි ප‍්‍රමාණයක් ගොඩ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතියේ මුළු වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 15 ක්.