Thursday, April 25, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා ‘ඒ’ අයර්ලන්තය ‘ඒ’ සිව් දින ගැටුම ජය පැරදුමකින් තොරව අවසන්

ඩිල්ෂාන් මඩවල




සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම අතර හම්බන්තොටදී පැවති සිව්දින කි‍්‍රකට් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ජයග‍්‍රහණය සදහා ලකුණු 264 ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම තරගය නතර කරනවිට රැස්කර ගෙන සිටියේ කඩුළු 3 ක් දැවී ලකුණු 89 ක් පමණයි.

ඔවුන් පළමු ඉනිමේදී කඩුළු 8 ක් දැවී ලකුණු 508 ක් ලබාගත්තා. ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 303 යි.

දෙවන ඉනිමේදී ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුළු 7 ක් දැවී ලකුණු 468 ක් ලබාගත්තා.