Tuesday, April 23, 2024

General line - 0115112241

තෙරේසා මේ ට එරෙහි විශ්වාසභංගයේ ප්‍රථිපල ලැබෙයි

පසන් වික්‍රමතිලක - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තමන්ට එරෙහිව ඉදිරිපත් වූ දෙවන විශ්වාසභංග යෝජනාව ද ජය ගනිමින් ධුරය රැක ගැනීමට බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ සමත් වුණා.

ඇය මෙම ජයග‍්‍රහණය ලැබුවේ ඇය විසින් ඉදිරිපත් කෙරුණු බ්‍රෙක්සිට් යෝජනාව දරුණු ලෙස පරාජය වී පැය 24ක් හෝ ඉක්මයාමට පෙර වීම විශේෂත්වයක්. විශ්වාසභංග යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 306ක් පමණයි.

ඊට විරුද්ධව ඡන්ද 325ක් ප‍්‍රකාශ වුණා. අග‍්‍රාමාත්‍යවරියගේ බ්‍රෙක්සිට් යෝජනාවට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළ ඇතැම් මන්ත‍්‍රීවරුන් ද අග‍්‍රාමාත්‍යවරිය රැක ගැනීම සඳහා විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කිරීම විශේෂත්වයක්. 

අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ ට එරෙහිව ඉකුත් දෙසැම්බර් 12 වැනිදා ද විශ්වාසභංග යෝජනාවත් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. එහිදී ඇය ජය ගත්තේ වැඩි ඡන්ද 03කින්.