Tuesday, March 19, 2024

General line - 0115112241

බස්නාහිර විශ්වාසභංගයකට සැරසේ

හේමන්ත කහවලගේ/නිශාන් ද සිල්වා




බස්නාහිර නව ආණ්ඩුකාර අසාද් සාලිට එරෙව විශ්වභංග යෝජනාවක් ගෙනඒමට බස්නාහිර පළාත් සභාවේ මන්තී‍්‍ර කණ්ඩායමක් සූදානම් වනවා.

එහි විපක්ෂ නායක මංජු ශ‍්‍රී අරංගල පැවසුවේ එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ගේ මූලිකත්වයෙන් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන බවයි. සෙසු පක්ෂවල සහය ද ඊට හිමිවනු ඇතැයි නෙත් නිවුස් කළ විමසුමක දී ඔහු වැඩිදුරටත් පැවසුවා.

බස්නාහිර පළාත් සභාවේ නිල කාලය ලබන අපේ‍්‍රල් 21 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා. කෙසේවෙතත් ඊට පෙර යෝජිත විශ්වාසභංග යෝජනාව ගෙනවිත් සම්මත කර ගැනීමට හැකි වනු ඇති බවයි මංජු ශ‍්‍රී අරංගල කියා සිටියේ.